ප්‍රකාශයක් දෙන්න බැහැ කිව්ව පියුමිගේ කුරියර් සර්විස් එකට බේරුමක් නැති වෙයි – රහස් පොලිසිය අධිකරණය හමුවට

නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ඇති බවට චෝදනා එල්ල වී සිටින නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි අලෙවි කරන රූපලාවන්‍ය නිෂ්පාදන බෙදාහරින කුරියර් සමාගමේ සභාපතිවරයාට රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියම කරන ලෙස රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගෙන් ඊයේ (24) ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

රහස් පොලිසිය මෙම පියවර ගෙන ඇත්තේ අදාළ කුරියර් සමාගමේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාවිච්චි කර විකුණා ගැනීමට නොහැකි වී තිබූ රු. ලක්ෂ 780 ක් වටිනා රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීම ඇතුළු වත්කම් පියුමි හංසමාලි විසින් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් වන විමර්ශනයන් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කරන විමර්ශනවලදී පියුමි හංසමාලිගේ ආලේපන හා රූපලාවණ්‍ය උපකරණ බෙදා හරින කුරියර් සමාගමේ සභාපතිවරයාගෙන් ප්‍රකාශයක් ගැනීමට ගිය ද ඔහු එය ලබා දීම ප්‍රතික්ෂේප කළ බවයි රහස් පොලිසිය අධිකරණය හමුවේ පවසා සිටියේ.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...