ඔන්ලයින් ක්‍රමයට මුදල් ජාවාරම් කර විදේශිකයෝ 30ක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධීව සංවිධානාත්මක අයුරින් මූල්‍ය ගනු-දෙනු මෙහෙයවන මීගමුවේ මධ්‍යස්ථාන දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් (24) දින රාත්‍රී කාලයේ වටලා විදේශිකයන් 30 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ මෙම විදේශිකයන් අතර චීන, පිලිපීන, මාලදිවයින්, පාකිස්තාන, ඉන්දියා, නේපාලය ඇතුළු රටවල් කිහිපයකම පුරවැසියන් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කර තිබෙනවා.

මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පවත්වාගෙන ගිය මෙම ජාවාරම රුපියල් 5000ක මුදලක් ආයෝජනය කළොත් රුපියල් තුන්දාහක ලාභයක් ලැබෙන බව සඳහන් කරමින් පවත්වා ගෙන ගොස් ඇති අතර මේ ඔස්සේ විශාල වශයෙන් මුදල් රැස් කර ඇති බව සඳහන් වෙනවා.

මේ නිවාස දෙකෙහි තිබූ සංනිවේදන උපකරණ විශාල තොගයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ සිට මේ පිරිස වෙනත් රටවල්වලටද මේ ජාවාරම ව්‍යාප්ත කර ඇති බවට සැක කරනු ලබනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ මේ විදේශිකයන් රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවයි.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...