රාජිත, චම්පික, ෆොන්සේකා රනිල් සමඟ නිල වශයෙන් එක් වීම මේ සතියේ

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පිවිසි පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සන්ධානගත වීමට සූදානමින් සිටින බව තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රසිද්ධ උත්සවයකදී ජනාධිපතිවරයා සමඟ සමීප සංවාදයක නිරත වන අයුරු නිරීක්ෂණය වූ අතර එහිදී ඔහු වත්මන් රජයේ වැඩපිළිවෙල පිළිබඳව සිය ප්‍රසාදය පළ කරනු ලැබුවා.

මීට අමතරව, සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කරමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙන් පසු සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ද ජනාධිපතිවරයාට සහය දැක්වීමට නැඹුරු වී ඇතැයි වාර්තා වෙනවා.

එපමණක් නොව වත්මන් ආණ්ඩුවේ මුලපිරීම් සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක සිටින සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද ජනාධිපති වික්‍රමසිංහ මහතා සමඟ එක්වීමට නියමිතයි.

මෙම දේශපාලනඥයන් ජනාධිපති වික්‍රමසිංහ මහතා සමඟ අත්වැල් බැඳ ගැනීමට බලාපොරොත්තු වන නිල උත්සවය මේ සතිය අගදී පැවැත්වීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වී තිබෙනවා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...