ලබන වසරේ මුල ලෝක ප්‍රකට ගායක එඩ් ශීරන් ලංකාවට

ලෝක ප්‍රකට ගායක එඩ් ෂීරන්ගේ (Ed Sheeran) ප්‍රසංගයක් 2025 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

සඳුදා (ජුනි 24) කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ ලාංකිකයන් අතර ද ඉමහත් ජනප්‍රියත්වයක් දරන එඩ් ෂීරන් ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සමාගමක් ඉදිරිපත් වී සිටින බවයි.

Cinnamon hospitality group හි “Cinnamon Life” සත්කාරයෙන් යුතුව ඒ අනුව එඩ් ශීරන් ලංකාවට පැමිණෙනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළා.

මෙය වසර ගණනාවකට පසු දිවයිනේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර පොප් තරු ප්‍රසංගයක් වනු ඇති අතර අසල්වැසි රටවල් සමඟ තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විනෝදාස්වාදය සංවර්ධනය කරන බව අමාත්‍යවරයා පවසනවා.

“අපි තරඟ කරන්නේ තායිලන්තය, මාලදිවයින සහ සිංගප්පූරුව වැනි රටවල් සමඟ.තරගකාරීත්වය කෙසේ වෙතත් 2015 වසරේ සිට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කලාකරුවෙකුගේ ප්‍රසංගයක් හෝ පවත්වා නැහැ.”යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!