මෙහෙ යුද්ධයෙන් ජීවිත බේරුණු අය රුසියාවේ යුද්ධයට ගිහින් ජීවිත අහිමිවීමට සෞභාග්‍යයේ දැක්ම කියලා කියන්නේ

රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ලබා දුන් ඓතිහාසික යුධ ජයග්‍රහණය ඇතැම් කණ්ඩායම් විසින් කොල්ල කන ලද බවත් මේ වන විට රණවිරුවන්ට සිය අභිමානය පසෙක දමා ජීවතය රැක ගැනීමට නොයෙකුත් රැකියා කිරීමට සිදුව ඇතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

“මෙහේ යුද්ධයේදී ජීවිත බේරුණු අය රුසියාවේ යුද්ධයට ගිහින් ජීවිත අහිමිවීමට සෞභාග්‍යයේ දැක්ම කියලා කියන්න වෙලා” යැයි ඔහු පවසා තිබෙනවා.

“ත්‍රිවිධ හමුදාවේ සිට විශ්‍රාම ගිය අය ත්‍රීවිල් හයර් කිරීම, වැලිගොඩ දැමීම, කොළඹ වැඩපොළවල අත්වැඩදීම වගේ එදා වේල හොයන තත්වයකට පත්කරලා. එදා තිබුණු අභිමානය අද නැහැ.”

2024.06.23 වැනි දින ජාතික ජන බලවේගයේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ හපුතලේ ආසන සමුළුව අමතමින් මේ බව ප්‍රකාශ කළ ඒ මහතා මෙසේ ද සඳහන් කළා.

“පසුගිය 19වැනිදා ජනාධිපතිවරයාට පරිපූරක ඇස්තමේන්තුවකින් රුපියල් මිලියන 8750ක අමතර මුදලක් වෙන්කර ගත්තා. මේ වසරේ අයවැයෙන් රුපියල් මිලියන 6600ක් වෙන්කරගෙන තිබුණා. ඊට පස්සේ ජනවාරි මාසයේ තව රුපියල් ලක්ෂ 2000ක් ලබා ගත්තා. එක මිනිහෙකුට වෙන්කරගෙන තිබෙන මේ මුදලෙන් රුපියල් මිලියන 100ක් බැගින් යොදවා රෝහල්වල වාට්ටු හැදුවා නම් වාට්ටු කීයක් හදන්නන පුළුවන්ද. වෛද්‍යවරයෙක් බිහිකරන්න වැය වෙන්නේ රුපියල් මිලිය හයක් කියලා ගණන් බැලුවොත් වෛද්‍යවරුන් කීයක් බිහි කළ හැකිද? එක ගෙයක් හදන්න රුපියල් මිලියන පහක් දුන්නොත් ගෙවල් කීයක් හදන්න පුළුවන්ද? ජනාධිපතිවරයා මේ සල්ලිවලින් කරන්නේ ලෝකයේ මළගෙවල්වල යන එක, ඔටුනු පළන්දන මඟුල් ගෙවල්වල බුරුතු පිටින් කට්ටිය එක්කගෙන යන්න වැය කරනවා.

අනුර සහෝදරයා ජනාධිපති වූ වහාම මේ සියලු වියදම් කපා හරිනවා. අරගලයක් කරලා වත් මේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නේ නැත්තේ ඇයි? “

“ඔබ මුහුණ දුන් තිස් අවුරුදු යුද්ධයේ යට තිබුණේ ජාතිවාදය. උතුරේ වගේම දකුණේ මේ බලවේග ක්‍රියාත්මක වුණා. ඒ බලවේග සියල්ල පරාජයකර, මහා පුනරුද යුගයකට රට ගෙනයන්න සියලු දෙනා එක්ව මහා බලවේගයක් විය යුතු බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...