වසර 12 කට පසු ගෙදර එන විකිලික්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ගැන බිරිඳ කිව්ව කතාව

වසර ගණනාවක නීතිමය ක්‍රියාවලියකින් පසු, විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ සිරෙන් නිදහස් වී තිබෙනවා.

ඔහු මෙසේ නිදහස් කර ඇත්තේ එක්සත් ජනපද බලධාරීන් සමඟ ගිවිසුමකට එළඹීමෙන් පසුව අපරාධ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුවයි.

52 හැවිරිදි අසාන්ජ්ට ජාතික ආරක්ෂක තොරතුරු ලබා ගැනීමට සහ හෙළි කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.

එක්සත් ජනපදය වසර ගණනාවක සිට තර්ක කරමින් සිටියේ ඉරාක සහ ඇෆ්ගනිස්ථාන යුද්ධ පිළිබඳ තොරතුරු හෙළි කළ විකිලීක්ස් ලිපිගොනු ඔස්සේ ඔහු ජීවිත අනතුරේ හෙලූ බවයි.

ඔහු පසුගිය වසර පහක කාලය ගත කළේ බ්‍රිතාන්‍ය බන්ධනාගාරයක වන අතර, එතැන් සිට ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට එරෙහිව සටන් කරමින් සිටියා.

අසාන්ජ්ට ස්වීඩනයේ ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර සම්බන්ධයෙන් වෙනම චෝදනා එල්ල වූ අතර එය ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබුවා

ඔහු වසර හතක් ඉක්වදෝරයේ ලන්ඩන් තානාපති කාර්යාලයේ සැඟවී සිටි අතර,පසුව ඉකුත් වසර පහක කාලය ගත කළේ එක්සත් රාජධානියේ සිර මැදුරකයි.

“එය ඇත්තටම තවමත් සිදු වෙමින් පවතින බව අපට හිතා ගන්න බැහැ.”වසර 12 කට පසු ඔහු නැවත ගෙදර එන බව සිතා ගැනීමටත් නොහැකි දෙයක් බව ජුලියන්ගේ බිරිඳ ස්ටෙලා අසාන්ජ් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඇය රොයිටර් පුවත් සේවය වෙත ප්‍රකාශයක් කරමින් උතුරු මරියානා දූපත් හි එක්සත් ජනපද අධිකරණ ශාලාවකදී තම සැමියාගේ අපේක්ෂිත වරද පිළිගැනීමෙන් පසු ඔහු සමාව ඉල්ලා සිටි බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

ඔත්තු බැලීමේ පනත යටතේ තම සැමියාගේ නඩු පැවරීම ලොව පුරා සිටින මාධ්‍යවේදීන් සඳහා “ඉතා බරපතල සැලකිල්ලක්” බව ද ඇය සඳහන් කර සිටියා.

ඕනෑම අනාගත සමාවක් එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ලබා දෙනු ඇති බවයි ඇය වැඩි දුරටත් පවසා ඇත්තේ.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!