මස්ක්ට දොළොස් වැනි වරටත් පිය පදවිය

ටෙස්ලා සහ ‘X’ හිමිකරු ඊලොන් මස්ක් දොළොස් වැනි වරටත් පිය පදවිය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
දරුවාගේ මව ශිවෝන් සිල්ස් මස්ක්ගේ නියුරාලින්ක් සමාගමේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරනවා.

ඇයට මස්ක්ගෙන් නිවුන් දරුවන් දෙදෙනෙකු ද වන අතර අලුත උපන් බිළිඳා ඇයට මස්ක්ට දාව උපත ලද තෙවැනි දරුවාය.

ඊලොන් මස්ක්ට මීට පෙර විවාහයන් තුනක දී දරුවන් 9දෙනෙකු සිටින බව සඳහන් වෙනවා.

එසේ නමුත් තවමත් අලුත උපන් බිළිඳාගේ නම හෝ ලිංගිකත්වය අනාවරණය කර නැති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Latest News

error: Content is protected !!