මාළිමාවේ ආණ්ඩුවක සමරිසි බැඳීම්වලට වැට බඳින නීති ඉවරයි

සමරිසි ප්‍රජාව යනු මේ සමාජයේම තවත් කොටසක් බැවින් ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඔවුන් වෙනස්කොට නොසැලකිය යුතු බව පිළිගන්නා අතරම ඔවුන්ට වෙනස් ලෙස සලකන නීති වෙනස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හරිනි අමරසූරිය පවසනවා.

විශේෂයෙන් සමරිසි සබඳතා වරදක් බව දණ්ඩ නීති සංග්‍රහයේම අන්තර්ගත කොට ඇති නමුත් එය අපේ රටේ නීතියක් නොවන බව ඇය පවසා තිබෙනවා.

එය බ්‍රිතාන්‍යයේ යුගයේ සහ වික්‍ටෝරියානු සදාචාරය ඔස්සේ පැමිණි නීතියක් බැවින් ජාතික ජන බලවේගය සිටින්නේ එම නීති වෙනස් විය යුතුය යන මතයේ බවයි ඇය පවසන්නේ.

දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කිරීමේ යෝජනාවක් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රේමනාත් සී දොලේවත්ත මන්ත්‍රීවරයා විසින් යෝජනා කර තිබෙනවා.

ඔහු පුද්ගලික මන්‍ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළේ 365 වගන්තිය සංශෝධනය කිරීමටයි.

දැනට පවතින 365 වගන්තිය එගි අස්වාභාවික වැරදි යන පරිච්ඡේදයේ යම් පුරුෂයෙකු,ස්ත්‍රියක හා සතෙක් සමග ස්වභාව ධර්මයට විරුද්ධව කැමැත්තෙන් කාමුක සංසර්ගයෙහි යෙදෙන තැනැත්තන්ට එරෙහිව වසර 10 ක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතුය.දඩයකට ද යටත් වන්නේය යනුවෙන් දැක්වෙනවා.

ඉදිරිපත් කර තියෙන යෝජනාව අනුව එහි පුරුෂයෙකු සහ ස්ත්‍රියක යන්න ඉවත් කර සතෙකු යන්න පමණකට සීමා කර තිබෙනවා.

එය පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමක් සිදු කර තිබෙන අතර තුන්වර කියවීමක දී ජාතික ජනබලවේගය එයට පක්ෂව ඡන්දය දීම ගැන කළ සඳහනක දී ඇය පවසන්නේනේ වැඩිහිටි දෙදෙනෙකු අතර සිද්ධ වෙන ලිංගික ක්‍රියාවලිය ගැන තීරණය කිරීම සිදු කළ යුත්තෙ නීතියකින් නොවන බවයි.

නීතියක් පැවතිය යුතු වන්නේ දරුවන් ආරක්ෂා කිරීමටත් එමගින් සිදුවන යම් හානියක් වැළැක්වීමට පමණක් බවයි.

මෙතැනින් සිදු වන්නේ වැඩිහිටියන් දෙදෙනෙකු අතර ලිංගික ක්‍රියාකාරකම් අපරාධ වරදින් ඉවත් කිරීම පමණක් බවත් පාර්ලිමේන්තුවේ තුන්වන වර කියවීමේ දී ජාතික ජන බලවේගය ඒ සඳහා පක්ෂ වන බව ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඇය මේ බව කියා සිටියේ රූපවාහිනී සංවාදයමය වැඩසටහනකට සහභාගී වෙමිනි.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!