අපට අහිමි වී ගිය සතුට.. – ඇෆ්ගන් කණ්ඩායමේ ජයග්‍රහණය සමඟ ඇෆ්ගන් වැසියන් වීදිවල රැය පහන්වනතුරු සව්දිය පිරූ අයුරු

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට ස්වර්ණමය පරිච්ඡේදයක් එක් කරමින් සුපිරි 8 වටයේ තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 8 ක ජයක් අත්කර ගනිමින් ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (25) සමත් වුණා.

එහි නායකත්වය දැරුවේ රෂීඩ් ඛාන් විසිනි.

යුද්ධයෙන් බැටකෑ ඉතිහාසය, දේශපාලන නෙරපා හැරීම සහ සිය මාතෘ භූමිය පවා අහිමි වී ගිය ඇෆ්ගනිස්ථානුවන්ට මෙම ජයග්‍රහණය ඉතාම සුවිශේෂීයි.

මෙම තරගාවලියේ දී, රෂීඩ්ගේ කණ්ඩායම මීට පෙර පැවති සුපර් 8 තරඟයේදී 2021 වසරේ ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියාව ද පරාජයට පත් කළා.

ජූනි 27 වැනිදා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අවසන් හතරේ අදියරේදී දකුණු අප්‍රිකාවට මුහුණ දීමට නියමිතයි.

සිය කණ්ඩායම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ දහස් සංඛ්‍යාත ජනතාව සිය කණ්ඩායමට ප්‍රීති ඝෝෂා කිරීමට සහ සැමරීමට වීදිවල රැස්වී සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

“එය අපට ඊද් වැනි ය. අපි රාත්‍රිය සඳහා සූදානම් වෙමින් සිටිනවා, සැමරුම දිගටම පවතීවි”

වීදිවල ජය සමරන තරුණයින් එසේ පවසා සිටියා.

ජලාලාබාද්, කෝස්ට්, පක්ටියා සහ කාබුල් වැනි අනෙකුත් පළාත්වල ජනතාව ද වීදිවලට පැමිණ ජය ඝෝෂා පැවැත්වු බව වාර්තාවල දැක්වෙනවා.

තලේබාන් පරිපාලනයේ වැඩබලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි විසින් ක්‍රිකට් කණ්ඩායමේ නායක රෂීඩ් ඛාන් අමතා සුබපැතුම් පිරිනැමූ බව ද විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

“ඇෆ්ගන් ජාතිකයන් සෑම අංශයකින්ම විශිෂ්ටයි. අපි ක්‍රීඩාව දේශපාලනයෙන් වෙන් කළ යුතුයි,” මුටාකි එහි දී පැවසූ බවයි වාර්තා වන්නේ. “ඔබේ ජයග්‍රහණය සියලු දෙනාම සතුටු කර තිබෙනවා, ඔබ තාරුණ්‍යයට විශාල ආශ්වාදයක්.”යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...