ආරංචිය සුබයි – පොහොට්ටුවේ අපේක්ෂකයා බිත්තරයෙන් එළියට එන්න සූදානම් – රට පුරා පෝස්ටර ඇලවේ

කොළඹ නගරයේ ස්ථාන රැසක ඊයේ රාත‍්‍රියේ විශේෂ දැන්වීමක් අලවා තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

එම පෝස්ටරයේ සඳහන් වන්නේ ‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යනුවෙනි.

ඊට පෙර දින රට පුරා අලවන ලද පෝස්ටරයක දැක්වුනේ ‘ආරංචිය සුබයි’ යනුවෙනි.

ඒ අද දිනයේ මෙරට විදෙස් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළැඹීම හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රට බංකොලොත්භාවයෙන් නිදහස් කළ බවට කිරීමට නියමිත ප්‍රකාශයට සමගාමීවයි.

කෙසේ වෙතත් අලුත් පෝසටරයෙන් කියැවෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ කතාවකි.

මෙය පොහොට්ටුවේ අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමකට සමගාමීව අලවන ලද්දක් විය හැකි නමුත් ඒ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් ආණ්ඩුව මෙතෙක් සිදු කර නැහැ.

මෙම පෝස්ටරය කොළඹ නගරය පුරා අලවා ඇති ආකාරය දක්නට ලැබුණා.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...