නිල කාමරයේදී ලිපිකාරිනිය සිපගත් 59 හැවිරිදි ලොක්කා අවුරුදු 7ක් හිර ගෙදරට

රාජකාරී ස්ථානයක තමන් යටතේ සේවය කළ තරුණ ලිපිකාරිනියගේ අකැමැත්ත නොතකා
අවස්ථා තුනකදී ඇයව අයුතු ලෙස ස්පර්ශ කිරීම, ඇයගේ දෙතොල් හා මුහුණ සිප ගැනීම හා ඇයව වැලඳ ගැනීම යන චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ ප‍්‍රධාන පෙළේ ඉහළ නිලධාරියකුට අභියාචනාධිකරණය පෙරේදා 24දා බරපතළ වැඩ සහිත වසර හතක සිරද`ඩුවම් නියම කර තිබෙනවා.

වින්දිත තරුණියට රුපියල් හත්ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට ද රුපියල් 75,000ක තවත් දඩයක් ද සම්පත් බී. අබේකෝන් හා පී. කුමාරරත්නම් යන විනිසුරු මඩුල්ල විත්තිකරුට නියම කරනු ලැබුවා.

එම වන්දිය හා දඩය නොගෙවන්නේ නම් අමතර වසර දෙකහමාරක සිරදඩුවම් විත්තිකරුට ලබාදීමට විනිසුරු මඩුල්ල නියම කළා.

අභියාචනාධිකරණය මෙම දඬුවම නියම කරනු ලැබුවේ ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකරුවකු ලෙස සේවය කරන මෙම පුද්ගලයා 59 හැවිරිදි විවාහක පුද්ගලයකුට එරෙහිවයි.

Latest News

More like this

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...

නාය යෑමේ අවදානමක් ඇති ඉඩම් රජයට පවරා ගනී

නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශ තවදුරටත් අවදානම් බවට තහවුරු...

සුළිකුණාටුවෙන් දරුවන් රැසකට දෙමව්පියන් අහිමිවෙලා

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ ගංවතුර...