දකුණු කොරියාවේ ලිතියම් බැටරි කම්හලේ ගින්නෙන් ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නෑ

දකුණු කොරියාවේ ලිතියම් බැටරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නෙන් මියගිය සහ තුවාල ලැබූවන් අතර කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.

සෝල් අගනුවර, හ්වාසොං නගරයේ ඇරිසෙල් කම්හලේ ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාම හේතුවෙන් එම ගින්න හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම අවස්ථාවේ කර්මාන්තශාලාවේ සේවකයන් 100 දෙනෙකු පමණ සේවය කරමින් සිට තිබෙන අතර ගින්නෙන් පුද්ගලයින් 22නෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතර චීන ජාතිකයින් 18ක්, ලාඕසියානු ජාතිකයින් දෙදෙනෙක් සහ දකුණු කොරියානු කම්කරුවන් දෙදෙනෙක්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ගින්නෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද එම වාර්තාවල සඳහන්.

දකුණු කොරියාව ලිතියම් බැටරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන අතර ඒවා විද්‍යුත් වාහනවල සිට ලැප්ටොප් පරිගණක දක්වා බොහෝ අයිතමවල භාවිත වන්නකි.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...