ඇඟිලි සලකුණු යන්ත්‍රවලට බම්බු ගහගන්න කියලා තැපැල් මූලස්ථානයේ සේවකයින්ට කෝටි 6 ක අතිකාල දීමනා ගෙවලා

ඇඟිලි සලකුණු යන්ත්‍රය ද නොසලකා ව්‍යාජ වේලාවන් සටහන් කර තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසකට කෝටි හයකට ආසන්න අතිකාල දීමනා නීති විරෝධීව ගෙවා ඇති බව විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිදරව් කර තිබෙනවා.

මෙලෙස අතිකාල දීමනා ගෙවා ඇත්තේ දෙපාර්තමේන්තුවේ ඇඟිලි සලකුණු යන්ත්‍රය ද නොසලකා පැමිණීමේ හා පිටවීමේ වේලාවන් නිවැරදිව ගණනය නොක්‍රමිනි.

ඒ අනුව සවස 4.15 ට තැපැල් මූලස්ථානයෙන් පිටව ගිය නිලධාරීන්ට රත්‍රී 7,8,9,10 දක්වා අතිකාල දීමනා ගෙවා ඇතැයි විගණන වාර්තාවේ දැක්වෙනවා.

මේ හේතුවෙන් අතිකාල දීමන ගෙවීම් පිළිබඳ නිරවද්‍යතාව විගණනය කළ නොහැකි වූ බව වාර්තාවෙන් පවසා තිබෙනවා.

මේ අතර රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය යෙදීම අනිවාර්ය වුවත් තැපැල් දෙපාර්තමේන්තුවේ වාහන 123 ක රාජ්‍ය ලාංඡ්නය සටහන් කර නොතිබූ බව ද විගණන වාර්තාවෙන් නිරීක්ෂණය කර තිබෙනවා.

මෙම තොරතුරු ඇතුළත් වන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබූ විගණන වාර්තාවේ ය.

Latest News

More like this

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...