උසස් පෙළ විභාගයට මුහුණ දීමේ අනියත බියකින් පසු වූ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ 18 හැවිරිදි සිසුවෙක් පතොරන් තුවක්කුවකින් තම මුඛ්‍යට වෙඩි තබා ගෙන මිය ගොස් තිබෙනවා.
මෙම සිදු වීම වූ දිනයේ රැකියාවට පිටත්ව ගිය මවට ද වැඳ ඔහු කාමරයේ අගුලු දමාගෙන සිට ඇතැයි ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි කේ. එම්. බී. ආර්. ජී. කුලසේකර නමැති දහඅට හැවිරිදි සිසුවෙක් වන අතර ඔහු ගණිත අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිට තිබෙනවා.
මොහුගේ මව ගුරුවරියක වන අතර පියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවයෙන් විශ්‍රාම ගොස් පෞද්ගලික අංශයේ රැකියාවක නිරතව සිටින අයෙකු වන අතර එකම සොහොයුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු හා එකම සොයුරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණු වන වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා.
මෙම සිසුවා සිය කාමරයේ පුටුවක සිටිමින් මෙම වෙඩි තබාගැනීම සිදුකරගෙන ඇති අතර එයින් හිසේ පසුපසට බරපතළ හානි සිදුව තිබූ බව පොලිසිය පවසනවා. පියා සතු මෙම තුවක්කුව සඟවා තිබියදී එය සොයා ගෙන මෙම වෙඩි තබා ගැනීම සිදුකර ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මව සහ පියා සේවාවන් සඳහා නිවසින් පිටත්ව ගිය පසු සොහොයුරා සමග මොහු නිවසේ සිට ඇති බවත් සොහොයුරාද සේවයට යෑමට සූදානම්ව පෙරවරු දහයට පමණ මෙම සිසුවාට කතා කිරීමට කාමරයේ දොර අරින විට සිද්ධිය දැක ඒ පිළිබඳව පොලිසිය වෙත දන්වා තිබෙනවා.
එස්. වයි. කුලසේකර නමැති මෙම සොහොයුරා පවසන්නේ මල්ලි තනිවම කාමරයට වී පාඩම් වැඩ කරන බවයි. ගම්පොළ ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් මෙම සිසුවා ඒ සාමාර්ථ අටක් හා බී සාමාර්ථයක් සහිතව අපොස සා.පෙළ සමත් වීමෙන් පසු උසස් පෙළ හැදෑරීම සඳහා මෙසේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ගොස් තිබෙනවා. නියමිත කාලයට වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද සඳහන්.
මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර පරිගණකය හා ජංගම දුරකථනය නිතර පරිහරණය කර තිබෙනවා.
ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනි කාන්තිලතා මහත්මිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (25දා) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණා.