අසාන්ජ්ගේ නිදහස වෙනුවෙන් සිඩ්නි නුවර ප්‍රීති ඝෝෂා – විකිලීක්ස් මාධ්‍ය හමුවකුත් පවත්වයි

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ඕස්ට්‍රේලියාවේ සිර ගෙයින් නිදහස් වීම සැමරීම සඳහා ඔහුගේ ආධාරකරුවන් සිඩ්නි හි එක්සත් ජනපද කොන්සල් ජනරාල් කාර්යාලයෙන් පිටත රැස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන් ෂැම්පේන් හා විවිධ ආහාර වර්ග බෙදා ගනිමින් සතුට සැමරූ අතර අසාන්ජ් අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙන විට ජය ඝෝෂා පැවැත් වු ආකාරය මාධ්‍ය වාර්තාවල දැක ගත හැකියි.

අසාන්ජ් පිළිබඳ ඕස්ට්‍රේලියාවේ මහජන මතය විටින් විට බෙදී ඇති නමුත් මෑත වසරවලදී ඔහුට සහයෝගය දැක්වීමේ කැපී පෙනෙන නැගීමක් ඇතිව තිබෙනවා.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් 2022 දී බලයට පත් වූ දා සිට ඔහු නිදහස් කිරීම වෙනුවෙන් පෙනී සිටි අතර, විශාල ද්විපාර්ශ්වික නීති සම්පාදකයින් පිරිසක් පසුගිය සැප්තැම්බරයේ වොෂින්ටනයට ගොස් එක්සත් ජනපද සගයන්ට බලපෑම් කළ බව සඳහන් වෙනවා.

මේ අතර දේශීය වේලාවෙන් අද සවස 21:15 (GMT 11:15) ට ඕස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා හි මාධ්‍ය හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව විකිලීක්ස් නිවේදනය කර තිබෙනවා.

එම සංවිධානය පවසා ඇත්තේ එය නගර මධ්‍යයේ පිහිටි තරු හතරේ හෝටලයක පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් අසාන්ජ් එම මාධ්‍ය හමුවේ පෙනී සිටීමට හෝ කතා කිරීමට සැලසුම් කරන්නේද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.

Latest News

More like this

විරෝධයකට පෙර සූදානම් වීම: විපතට පත් ජනතාව හමුවට යන මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව තර කෙරේ

ශ්‍රී ලංකාව හදිසියේ ආපදා තත්ත්වයට මුහුණ දී සිටින මේ...

පාට පක්ෂ බේද නැතුව ළමයි 50,000කට නාමල්ගේ ආදරය

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් අරඹන ලද "ආදරය" වැඩසටහන...

බීලා හිටපු කීප දෙනෙක් එක්ක තුවාල වූ අය රෝහලට යැව්වා. ඒකයි මගේ ළඟත් ගඳ එන්නේ.. රන්වල කියලා

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක...