ගුරුවරුන්ට පොලිසියෙන් කඳුළු ගෑස්

කොළඹ ලෝටස් වටරවුමේ විරෝධතාවයේ නිරත ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අද පෙරවරුවේ ආරම්භ කෙරුණු මෙම විරෝධතාවට එරෙහිව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණ වාරණයක් ද ලබා ගෙන තිබුණා.

කෙසේවෙතත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයෙන් ආරම්භ වූ මෙම විරෝධතාවය පොලිස් බාධක නොතකා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කළ අතර එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!