විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය භාරව කටයුතු කළ වකවානුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය ඇතැම් වර්ෂවල රැස් වී ඇත්තේ එක්වරක් පමණක් බව ජාතික ජන බලවේගයේ විගණ නිලධාරීන් නියෝජනය කරන විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා මහතා පවසනවා.
එසේ නමුත් පාලක මණ්ඩලය බිලියන ගණන්වලින් මුදල් වියදම් කර ඇති බවත් කිසිදු කළමනාකරණයක් සිදු වී නැති අතර මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව ඒ මහතා පවසා තිබෙනවා.
“පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් නොකර තියෙද්දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පටවනවා 900 කට වැඩි සේවක පිරිසක්. ඒ වෙනකොට රජයේ චක්‍රලේඛයක් ගිහින් තිබුණා කිසිම නිලධාරියෙක් බඳවා ගන්න බෑ කියලා. දෙපාර්තමේන්තුවකට හරි අමාත්‍යාංශයකට හරි නිලධාරියෙක් බඳවා ගන්න කොට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත කරන්න ඕන කාඩර් එක.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට එච්චර ප්‍රමාණයක කම්කරුවන්ගේ හෝ මුරකරුවන්ගේ සේවක මණ්ඩලයක් අනුමත කරලා තිබුණේ නෑ. ඒ නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සජිත් ප්‍රේමදාසලා කරන්නේ වෙන මොනවත් නෙවෙයි සේවකයන් බඳවා ගෙන බලෙන් පටවනවා පුරා විද්‍යා එකට. ඒවා කෙළින්ම රජයේ මුදල් අවභාවිතය.”
රට කළමනාකරණය කරන බවත් ආර්ථික උපදේශන කමිටු සිටින බව පවසමින් රට පුරා යන සජිත් ප්‍රේමදාස මහතා විශාල ධන්සකන්දයක් විදේශයන්ගෙන් පවා ගලා එන මධ්‍යම සංස්කෘතික අරමුදල කළමනාකරණය කරනු ලැබුවේ ඒ අයුරින් බවයි ඔහු සඳහන් කළේ.