ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් තබයි

ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණය හිමියන්ගේ පැරීසියේ පිහිටි නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් එකඟතාවට අද (26) එළඹී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර ඊට අදාළ ගිවිසුම අවසන් කර ඇති බවයි.

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වා ගැනීමටත් සංවර්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීමටත් හැකිවන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසා තිබෙනවා.

එසේම ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීන අපනයන – ආනයන බැංකුව සමගද ගිවිසුම් අත්සන් කිරීම හෙට දිනයේ දී (27) සිදු කෙරෙන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත්තේ ඔහුගේ X ගිණුමේ සටහනක් තබමිනි.

මෙම ක්‍රියාවලියට නායකත්වය දුන් නිල ණයහිමි කමිටුවේ ( OCC) සම-සභාපතීත්වය දරන ප්‍රංශය, ඉන්දියාව සහ ජපානයට, එහි අනෙකුත් සාමාජිකයින් ට මෙන්ම චීන අපනයන – ආනයන බැංකුවට ද සිය ප්‍රණාමය හිමිවන බව රාජ්‍ය අමාත්‍යවරයා එහි සඳහන් කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාවේ බාහිර ණය අර්බුදයට ප්‍රතිකර්මයක් සෙවීමට කැපවූ OCC ලේකම් කාර්යාලයට සිය ස්තූතිය හිමිවන බවත් මෙමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් විශ්වාසය වැඩිවන බවත් එය ආර්ථික වර්ධනයට රුකුලක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය සටහනේ දක්වා තිබෙනවා.

Latest News

More like this

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...
error: Content is protected !!