ශ්‍රී ලංකා ක්‍රිකට් දිගින් දිගටම අසමත් වීම හමුවේ මහේල ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුර දැරූ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (26) නිවේදනය කර තිබෙනවා.

නිවේදනය නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මහේල ජයවර්ධන සිය ධුර කාලය තුළ සැලකිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කළ බවයි.

කෙසේ වෙතත්, එම නිවේදනයේ මහේලගේ හදිසි ඉල්ලා අස් වීමට හේතුවක් සඳහන් කර නැහැ.

මහේල ජයවර්ධන, 2021 දෙසැම්බරයේ මෙම භූමිකාව භාරගත් නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම තරග පරාජය වීමෙන් ගොඩ ගැනීමට ක්‍රිකට් පරිපාලන අසමත් වී තිබෙනවා.

Latest News

error: Content is protected !!