සීගිරිය ඇතුළු සියලුම සංචාරක ස්ථාන පෞද්ගලීකරණය කරන්න – වනවාසී රාහුල හිමියන්ගෙන් ඉල්ලීමක්

මෙරට තුළ දෙස් විදෙස් සංචාරකයන් සංචාරය කරන පූජනීය ස්ථාන හැර සීගිරිය වැනි සංචාරක ස්ථාන පෞද්ගලිකකරණය කළ යුතුයැයි නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ හිමි පවසා තිබෙනවා.

උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කර සිටියේ නාමල් උයනේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ සඳහන් කළා.

“මේ රට මේ තත්ත්වයට පත්වීමට දේශපාලනඥයෝ, රාජ්‍ය නිලධාරීන් දෙගොල්ලොම වගකියන්න ඕනා. අපිට හොඳට පේන දෙයක් තමයි ජනාධිපතිවරයාගේ සින්නක්කර ඔප්පු ප‍්‍රදානය කරන එක ගත්තම, මේ ප‍්‍රදේශ මහවැලි ප‍්‍රදේශයක්නේ. ඒ අදාළ නිලධාරීන් එක මනුස්සයා ගෙන් රුපියල් දහ දොළොස්දාහ අල්ලස් ගන්නවා. ඇත්ත කතාව ඕක. හැබැයි ඒවා දකින්නේ නෑ කවුරුවත්. මේ රටේ දේශපාලනඥයෝ වගේම රාජ්‍ය නිලධාරීන් මේකට වගකිව යුතුයි. අද රාජ්‍ය සේවයට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා අතිරික්තයක් තියෙනවා.

වන ජීවී දෙපාර්තමේන්තුවේ ඉන්නවා රුපියල් 20,000ක විතර පඩි ගන්න අය. ඔවුන් විශාල මෙහෙවරක් කරනවා. අලි වැටවල් රකිනවා. ඒ ගොල්ලන්ට කුඩම්මාගේ සැලකිලි. ඒ වගේම මේ රටේ කිසිම රජයකට බැරි වුණා මේ ලංකාවටම බලපාන අලි මිනිස් ගැටුමට නිසි විසදුමක්ලබාදෙන්න. හරිම කනගාටුදායකයි. ජනාධිපතිවරු, අගමැතිවරු, වන ජීවී ඇමතිවරු ඉන්නවා මේ කිසි කෙනකුට බැරි වුණා මේක කරන්න. පාර්ලිමේන්තුවේ කෑගහනවා. නිලධාරීනුත් කෑගහනවා. හැබැයි අවම පහසුකමක්වත්නෑ.

මේ අලි-මිනිස් ගැටුමට කිසිදු විසඳුමක් ලබාදෙන්න බැරි වුණා කිසිම ආණ්ඩුවකට. ලැජ්ජයි. දෙස්-විදෙස් සංචාරකයෝ යන පූජනීය ස්ථාන හැර සංචාරක ස්ථාන පවා පෞද්ගලිකකරණය කළ යුතුයි. සීගිරියට යන සුද්දන්ට හරියට වැසිකිළි පහසුකමක්වත් නෑ.කෝටි ගණනින් ටිකට් කඩනවා. ඇත්ත කතාව ඒක. වාහනයක් නවත්වන්න තැනක් නෑ. රට වටේම සුද්දන්ගේ ඉහ මොළහූරාගෙන කන තත්ත්වයක් තියෙන්නේ.

සුද්දෝ එන්නේ හෝටල්වල ගිහින් සැප විඳලා ෆන් අරන් යන්න නෙමෙයි ඇත්ත කතාව. මේ රටේ තියෙන පාරිසරික, ඓතිහාසික, භූ විද්‍යාත්මක තැන් බලන්න එන්නේ, ඒ මිනිස්සුන්ට ආකර්ෂණයක් වෙන විදිහට සංචාරක අමාත්‍යාංශයට, සංචාරක මණ්ඩලයට වගකීමක් තියෙනවා ඒ අවශ්‍ය කරන දේ කරන්න. සුද්දා ගෙනාපු මුදල් හොරකම් කරනවා නෙමෙයි නිසි විදිහට පහසුකම් සලසලා, ඒ මිනිස්සුන්ගේ හිත සන්තෝෂ කරලා අරින්න ක‍්‍රමවේදයන් හදන්න ඕනා. කළමනාකරණය කරන්න ඕනා. එහෙම එකක් අපේ රටේ නෑ. මේවා හැමතැනකින්ම වෙනස් විය යුතුයි.”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!