මට ගොඩක් අය කියනවා සහෝදරයා ප්‍රවේශම් වෙන්න කියලා – එවැනි පාදඩ දේශපාලනය අපි වෙනස් කරන්න ඕන

මැතිවරණයකට ඉදිරිපත් වීම කිසිවකුගේ ජීවිතයට තර්ජනයක් එල්ල කරන්නේ නම් හෝ ඝාතනයට ලක් වේ යැයි මතයක් ගොඩ නැඟෙනවා නම් එවැනි හැඟීමක් ඇති කළ දේශපාලනය වෙනස් කිරීමට පියවර ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ මේ වන විට බොහෝ පාර්ශවයන්ගෙන් ප්‍රවේශම් වෙන්න යැයි ඔහු වෙත කෙරෙන ඉල්ලීම් පිළිබඳ සඳහනක් කරමිනි.

“මැතිවරණයක ප්‍රතිවාදියකු වූ පමණින් එහෙම තර්ජනයක් එල්ල වෙනවා නම් මොනවගේ කැත සම්පන්න දේශපාලනයක් ද අපේ රටේ තියෙන්නේ? තමන්ට එරෙහි කණ්ඩායමකින් තරග වැදීම ඒ පුද්ගලයා ඝාතනය කිරීම දක්වා අවිනිශ්තතාවක් සමාජයේ නිර්මාණ වෙනවා නම් මොන දේශපාලනයක් ද රටේ තියෙන්නේ? ඒක කෙළවර වෙන්නේ කොහෙන්ද? කාගෙන්ද? එහෙනම් අපි මොකක්ද කරන්න ඕන. අන්න ඒ වගේ පාදඩ දේශපාලනයක් තියෙනවා නම් ලංකාවේ වෙනස් කරන්න ඕන. එවැනි දේවල් පවා සාකච්ඡා කරන්න වෙන තරමට මේ කඳවුර අපට එරෙහිව පෙළ ගැහිලා තියෙනවා.”

මේ සඳහා ඔරොත්තු දීමට හැකි එකම බලය මහජනයා තව තවත් සංවිධානය වී මෙම තත්ත්වයට මුහුණ දීමයි. එමෙන්ම එම වෙනස සඳහා තනි තනිව වෙනස් වීම මෙන්ම අන් අයවත් වෙනස් කරමින් ලක්ෂ ගණනින් සියලු දෙනා එක් වීම සිදු කළ යුතු යැයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

Latest News

More like this

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...
error: Content is protected !!