පියුමිගේ ක්‍රීම් බෙදාහරිනු ලැබූ සමාගමේ හිමිකරුගෙන් ප්‍රකාශය ගැනීම අද..

නිරූපිකාවක් වන පියුමි හංසමාලි අලෙවි කළ රූපලාවන්‍ය නිෂ්පාදන බෙදාහැරීමේ ආයතනයේ හිමිකරු ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද(27) පොලිසියට කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඇයගේ නීති විරෝධී වත්කම් පිළිබඳ ලැබී ඇති චෝදනා අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ අනුව විවිධ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදු කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

ඊට අදාළ කට උත්තරයක් ලබා දීම පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය නිෂ්පාදන බෙදා හරින සමාගමේ හිමිකරු ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට සිදු වුණා.

එම අධිකරණ නියෝගය අනුව බෙදාහැරීමේ සමාගමේ හිමිකරුගෙන් ප්‍රකාශය ලබා ගැනීම අද දිනයේ සිදු කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...