ඔව් සුබ ආරංචියක් තමයි : ණයක් නොගෙවා ඉන්නකොටත් පොඩි සනීපයක් තියෙනවානේ

විදේශ ණය ප්‍රතිව්‍යුගත කර ගැනීමෙන් සිදු කර ගෙන ඇත්තේ අප මුහුණ දී සිටින අර්බුදය කල් දමා ගැනීම යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහත පවසනවා.

සරලවම ගතහොත් සිදුකර ඇත්තේ ණය නොගෙවා සිටීමේ කාල සීමාව ඔහුගේ ධුර කාලයෙන් ඔබ්බට ගෙන යාමක්.

“ණයක් නොගෙවා ඉන්නකොට පොඩි සනීපයක් තියෙනවානේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ කරගෙන තියෙන්නේ අපායේ ඉන්ටවල් එක දික්කරගැනීම.”

එබැවින් සිදු වී තිබෙන්නේ අර්බුදයෙන් මුළුමනින්ම ගොඩ ඒමක් නොවන බවත් අර්බුදය තව වසර තුනකට කල් දමා ගැනීමක් පමණක් බව ඒ මහතා සඳහන් කර තිබෙනවා.

එය මහා ජයග්‍රහණයක් හෝ උදම් ඇනීමට දෙයක් නොවන බව ද විජිත හේරත් මහතා සඳහන් කළා.

ඔහුමේ බව සඳහන් කළේ රූපවාහීනී සංවාදයක් අතරතුර දීය.

අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය මුදල සම්පූර්නයෙන් කප්පාදුවක් සිදු වුණා නම් එය ලොකු ජයග්‍රහණයක් විය හැකිව තිබූ බව ද ඔහු පවසා සිටියා.

Latest News

error: Content is protected !!