බොලීවියාවේ හමුදා කුමන්ත්‍රණය ජනපතිගේ සැලසුමක් ද? හමුදා කැරැල්ලට නායකත්වය දුන් ජෙනරාල් ජුවාන් හොෂේ සූනිගා කියන කතාව

ලා පාස් අගනුවර ජනාධිපති මන්දිරය සන්නද්ධ හමුදා විසින් කඩා වැදී පැය කිහිපයකට පසු, බොලිවියානු පොලිසිය කුමන්ත්‍රණයට උත්සාහ කළ කැරලිකාර හමුදා නායක ජෙනරාල් ජුවාන් හොෂේ සූනිගා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොලිවියානු ජනාධිපති ලුයිස් ආර්සේ බදාදා (ජූනි 26) කුමන්ත්‍රණ ප්‍රයත්නයකට මුහුණ දුන් අතර, සන්නද්ධ හමුදා ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටු බිඳ දමමින් ජනාධිපති මන්දිරයට ඇතුළු වන ආකාරය දක්නට ලැබුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණු වීඩියෝ දර්ශනවල දැක්වුණේ ජෙනරාල් හොෂේ සූනිගා, ජනාධිපති මන්දිරයට ඇතුළු වී ජනාධිපති ආර්සේට මුහුණට මුහුණ ලා සිටින ආකාරයයි.

හොෂේ සූනිගා පැවසුවේ සන්නද්ධ හමුදා ආක්‍රමණයක් ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිව්‍යුහගත කිරීමට තමාට අවශ්‍ය බවයි.

බොලිවියානු රජය කැරලිකාර හමුදා නායකයාට සහ කැරැල්ලට සහභාගි වූ අනෙකුත් හමුදාවට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මේ අතර ජනාධිපති ආර්සේ මන්දිරය තුළ සිට රට වෙත රූපවාහිනී පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ “බොලිවියානුවන්ගේ ජීවිත බිලිගැනීමේ කුමන්ත්‍රණ ප්‍රයත්නවලට නැවත වරක් ඉඩ දිය නොහැකි” බවයි.

බොලිවියානු බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර,
කුමන්ත්‍රණ උත්සාහය දියත් කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටියේ ආර්සේ බව සූනිගා ප්‍රකාශ කර ඇති බව ද මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

“තත්වය ඇත්තටම අවුල් සහගතයි. මේ සතිය තීරණාත්මක බැවින් මගේ ජනප්‍රියත්වය ඉහළ නංවන දෙයක් සූදානම් කරන්න” යැ‍යි ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත්, බොලිවියාවේ අධිකරණ අමාත්‍යවරයා මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙනවා.

Latest News

More like this

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...
error: Content is protected !!