ඊයේ රෑ මඟුල් ගෙදර මනමාළයා හයිලයිට් වුණා මදි – ජනපතිගේ ජාතිය ඇමතීම ගැන ප්‍රවීණයෙක් පැහැදිලි කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (26) ජාතිය අමතමින් කළ කතාව පිළිබඳව විවිධ දේශපාලන අර්ථකතන ලැබෙමින් පවතිද්දී ඒ පිළිබඳව වෙනස් අදහස් දැක්වීමක් සිදු කරමින් එය දුර්වල නිෂ්පාදනයක් බව මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් පෙන්වා දී තිබෙනවා.

වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාලයේ මාධ්‍ය විෂය පිළිබඳව බාහිර කථිකාචාර්යවරයෙකු මෙන්ම ජාතික රූපවාහිනියේ හිටපු ප්‍රවෘත්ති, පුහුණු මෙන්ම පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂකවරයෙකු සහ තවත් මාධ්‍ය ආයතන ගණනාවක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදී ටී.එම්.ජී. චන්ද්‍රසේකර මහතා, ඊයේ දිනයේ දී පැවැත්වු ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාව පිළිබඳව සඳහන් කරමින් පවසන්නේ
“සුබ ආරංචිය දුර්වල රූපවාහිනි නිෂ්පාදනයක්” බවයි.

“ජනාධිපතිවරයා ඊයේ කළ කතාවේ රූපවාහිනී නිෂ්පාදනය ඉතාම ප්‍රාථමික තත්වයක තිබුණු බව කිව යුතුයි. අඳුරු පසු බිමත් දුර්වල ආලෝකකරණයත් නිසා ජනාධිපතිවරයාගේ රූපමය පෞරුෂය දුර්වල කොට තිබුණා. කතාව සංස්කරණය කර තිබූ අතර පිරිද්දු තැන් රුපවහිනි භාෂාවට අනුව පෙනි සිටි පුද්ගලයාගේ ගෞරවයට හානිවන ආකාරයේ ජම්ප් වළින් යුක්තයි. හඬ පටිගත කිරීමේ දුප්පත්කම නිසා ඇතැම් අවස්ථාවල හඬ පහල මට්ටමක පැවැතුණා.

මේ දුර්වලතා ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපති වී අනුරාධපුරයේ කළ කතාවේද දක්නට ලැබුණා. ඩිජිටල් යුගයක රටේ නායකයා ජාතිය අමතන අවස්ථාවක මේ ආකාරයට රූපවහිනි නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීම කනගාටුවට කරුණකි. මෙතරම් තාක්ෂණය නොතිබූ යුගයේ පවා ජාතික රූපවාහිනියේ නිෂ්පාදන කාර්ය මණ්ඩල මෙවැනි නිෂ්පානයක් ඉහළම මට්ටමින් කිරිමට කොතරම් මහන්සි වූවාද යන්න මා අත්දැකීමෙන් දන්නවා” යැයි ඔහු සඳහන් කර තිබෙනවා.

T M G Chandrasekara

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!