ෂම්මි ඉල්ලා අස්වෙන්නෙ කවදද? ක්‍රිකට් රසිකයින් අසයි – ප්‍රධාන පුහුණුකරු තනතුරට කුකුළු චමින්දවත් යෝජනා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් හා පුහුණු උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන එම තනතුවලින් ඉවත් වීමත් සමග ක්‍රිකට් රසිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තවත් ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් විමසීම් කර තිබෙනවා.

ඒ ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වාගේ ඉවත්වීම සිදුවන දිනය සම්බන්දයෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ෆේස්බුක් ගිණුමට අදහස් එක් කරමින් ඔවුන් පවසා ඇත්තේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් මාරු කිරීමෙන් ක්‍රිකට් ගොඩ ගත නොහැකි බවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩ ගැනීමට නම් වත්මන් පාලන අධිකාරිය වහාම ඉල්ලා අස් විය යුතු බව ක්‍රිකට් රසිකයින් ඒ අනුව දිගින් දිගටම ඉල්ලීම් සිදු කරමින් පවතී.

එමෙන්ම ඇතැම් රසිකයින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රදාන ක්‍රිකට් පුහුණුකරු ලෙස මෑතකදී සිය දරුවෙකුට අමානුශික ලෙස පහර දෙමින් බත් කැවූ කුකුලු චමින්ද නැමැත්තාට භාර දිය යුතු බවයි.

Latest News

error: Content is protected !!