ෆින්ලන්තයේ ජීවත් වූ ශ්‍රී ලාංකික යූ ටියුබ් තරුව අබිරහස් ලෙස ඝාතනය වෙයි

ෆින්ලන්තයේ සිට Hiruni’s Northern Life නමින් ප්‍රසිද්ධ YouTube නාළිකාවක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකික කාන්තාවක් ඝාතනයට ලක්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය 24 වන දා ඇය පදිංචි නිවසේදී ම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හිරුණි ගංගොඩවිල නම් ඇය තිදරු මවක් වන අතර ෆින්ලන්තයේ පවතින නීතිමය තත්වය අනුව මෙම මරණය සම්බන්ධව වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගත් බව පමණයි.

ඇය මරණයට පත් වූ දා මෙම නිවසට ගිය අසල්වැසියෙකු එම නිවසේ දොර අසල ලේ පැල්ලමක් දැක තිබෙන අතර අනතුරුව ඇය මේ සම්බන්ධව ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.

හිරුණි ගංගොඩවිල පදිංචිව සිටි නිවස පිහිටා ඇත්තේ හෙල්සින්කි නුවර වන්තා ප්‍රදේශයේ වන අතර එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවසන්නේ මෙම මරණයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියා බවයි.

ෆින්ලන්ත මාධ්‍ය හිරුණිගේ පවුල හඳුන්වා දී ඇත්තේ දකුණු ආසියාතික පවුලක් ලෙස වන අතර ඔවුන් බොහෝ කාලයක් එරට ජීවත්වන බවත් සඳහන් කර තිබෙනවා.

මියගිය කාන්තාව සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරි බවත් පවුලේ වීඩියෝ නිරන්තරයෙන් සමාජ මාධ්‍යට යොමු කරන බවත් ෆින්ලන්ත මාධ්‍ය වාර්තාවල සඳහන්.

Anumila Gangodawila 

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...