හංසමාලිගේ කුරියර් වැඩ කළ 4කගෙන් CIDය ප්‍රකාශ ගනී

නිරූපණ ශිල්පනි පියුමි හංසමාලිට අයත් පෞද්ගලික ආයතනයේ කුරියර් සේවයේ සේවය කළ පුද්ගලයන් සිවු දෙනෙක්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27 දා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඒ මෙම කුරියර් සමාගමේ ප්‍රධානියා ඇතුළු සිවු දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (26 දා) අවසර ලබා දීමත් සමඟයි.

අසීමිත ධනස්කන්ධයක් ඉපයීම සම්බන්ධයෙන් පියුමි හංසමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී මූල්‍ය විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව හංසමාලිට අයත් බව කියන සම පැහැපත් කරන ආයතනයේ කුරියර් සේවය භාරව සිටි නිලධාරියා කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා.

එහෙත් එම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොපැමිණි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඊට අවසර ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඊයේ පෙරවරු 10.00 ට පමණ මෙම කුරියර් ආයතනයේ ප්‍රධානියා ඇතුළු සිවු දෙනකු නීති විරෝධී වත්කම් ඒකකය හමුවේ පෙනී සිටි අතර ඊයේ සවස් වනතුරුම ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

Latest News

More like this

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...
error: Content is protected !!