පියුමිගේ ධනස්කන්ධයට එරෙහිව හඬ නැගූ සංජය මහවත්ත අත්අඩංගුවට

මගෙන් රටට ව්‍යාපාරයේ සංජය මහවත්ත ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසිනි.

ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංජය මහවත්ත මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

සිවිල් ක්‍රියාකාරිකයකු වන ඔහු පසුගිය දා ප්‍රසිද්ධ නිරූපිකාවක් වන පියුමි හංසමාලිගේ අසාමාන්‍ය ධනස්කන්ධය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඔහු මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ඒ සම්බන්ධයෙන් ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති පසුබිමකයි.

Latest News

error: Content is protected !!