හිරුණිකා බරපතල වැඩ සහිතව හිර දඬුවමක් – පාර්ලිමේන්තු ගමනටත් තිත

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමිනි.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2018 වසරේ දෙසැම්බරයේදී දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයකු පැහැරගෙන යෑම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද‍්‍ර ඇතුළු පිරිසකට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු ඉදිරිපත් කර තිබුණා.

මීට පෙර මෙම නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සෙසු සැකකරුවන් අට දෙනකු අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබුවා.

අධිකරණයේ අද දිනයේ ලබා දුන් මෙම තීන්දුවත් සමග හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමිවීමේ ඉතා ඉහළ ඉඩකඩක් පවතින බව ද සඳහන් වෙනවා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!