ලාභය අඩු නම් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයේ වරදක් නෑ..

රජය සතු යම් ආයතනයක් ලාභ ලැබුවත් ආයතනය වත්කම්වලට සහ පෞද්ගලික අංශයට සාපේක්‍ෂව ලබන ලාභය අඩු නම් රජය සතු ආයතන පෞද්ගලීකරණය කිරීමේ වරදක් නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.

රජය සතු ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය නොකළ යුතුය යන්නෙහි කිසිදු තාර්ථික බවක් නොමැති යැයිද අදාළ ආයතන රජයේ පරමාර්ථයන්ට හානි නොවන පරිදි කටයුතු නොකරන ආකාරයෙන් නියාමනයන් සහ අවශ්‍ය නීති සකස් කර පෞද්ගලීකරණය කිරීම සුදුසු බවද හෙතෙම ප්‍රකාශ කළේය.

එවන් පසුබිමකදී රජයේ පරමාර්ථ සහ සමාජ සුබ සාධන තත්ත්වයන් අභිභවා පෞද්ගලික අංශයට කටයුතු කිරීමට අවස්ථාවක් නොලැබෙන බවද හෙතෙම කීය.

හිල්ටන් හෝටලය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ එහි කේටරින් සමාගම, රක්‍ෂණ සමාගම, ලංකා හොස්පිටල් ඇතුළු ආයතන පෞද්ගලීකරණය කිරීමේ කිසිදු වරදක් නොමැති බවත් එහෙත් ටෙලිකොම් වැනි සන්නිවේදනයට අදාළ ආයතනයක් පෞද්ගලීකරණය කිරීමේදී සමාජ සුබසාධනයන්ට හානි නොවන පරිදි සහ රජයේ පරමාර්ථ ඉටුවන පරිදි රජයේ නියාමනයන් සහ නීති පද්ධතියක් යටතේ පාලනය වන පරිදි පෞද්ගලීකරණය සිදුකළ යුතු බවද මහාචාර්ය දුනුසිංහ පැවැසීය.

රජය සතු ලාභ ලබන ආයතන තවදුරටත් රජය සතුව පවත්වාගෙන යෑමට හැකියාවක් තිබේ නම් එය රජය සතුව තබාගත යුතු බවද එහෙත් මේ වන විට මෙරට පවතින ආර්ථික තත්ත්වය ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් යටතේ ඒවා පෞද්ගලීකරණය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වුවද අදාළ ආයතන පෞද්ගලික අංශයට පැවරීම තුළින් රජය ලබාගන්නා මුදල් හරි ආකාරයෙන් කළමනාකරණය නොකර දූෂණ වංචා සිදුකළහොත් මුදල් සහ අදාළ ආයතන යන දෙකම රජයට අහිමි වන බවත් එම හේතුව මත අදාළ ආයතන පෞද්ගලික අංශයට පැවරීම තුළින් රජය ලබාගන්නා මුදල් නිසි ආකාරයෙන් කළමනාකරණය කළයුතු බවද මහාචාර්යවරයා පැවැසීය.

රජය සතු මෙවැනි ආයතනවල මේ තාක් දක්නට ලැබුණේ සුදුසුකම් නැති පිරිස් අදාළ වගකිවයුතු තනතුරුවලට දේශපාලන හිතවත්කම් මත පත් කිරීම බවද පෞද්ගලීකරණය කිරීම හෝ පෞද්ගලික අංශයට පැවරීම තුළින් එවැනි පත්කිරීම් නොමැතිව අදාළ රාජ්‍ය ආයතන කාර්යක්‍ෂමව ජනතාවට හොඳ සේවාවක් යටතේ පවත්වාගෙන යෑමට හැකිවන බවද මහාචාර්යවරයා පැවැසීය. ගැටලුව නම් පෞද්ගලික අංශයේ කටයුතු සම්බන්ධයෙන් රජයේ ආයතන මඟින් නිසි නියාමනයක් සිදුනොවීම බවද මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– අමිල අබේරත්න

Latest News

More like this

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද...

ඩඩ්ලිගේ හෝටලය අයින් කරනවද කියලා බලාගෙන ඉමු.. චරිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දරණ වකවානුවේ...

රුසියාවේ WhatsApp තහනමක්.. ඒ වෙනුවට Max ආදේශ කරයි..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විදේශීය පණිවිඩ යෙදුම් සහ මෘදුකාංග...

නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි.. කතෝලික සභාව දැඩි මතයක

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කඩිනම්...
error: Content is protected !!