සමරිසි පුද්ගලයින් නිරුවත් කර කප්පම් ගත් ජාවාරමුන් අල්ලයි

පුද්ගලයන් දෙදෙනකු මිරිහාන ප‍්‍රදේශයේ නිවසකට ගෙන්වාගෙන ඔවුන් නිරුවත් කර පහරදී නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගත් පුද්ගලයන් තිදෙනකු මිරිහාන පොලිසිය මගින් පෙරේදා (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් තිදෙනා කාලයක් තිස්සේ මේ ආකාරයට විවිධ පුද්ගලයන්ට තර්ජනය කරමින් කප්පම් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇතැයි පොලිසිය පවසනවා.

නුගේගොඩ ප‍්‍රදේශයේ වෙළෙඳසලක සේවය කරන සමරිසි පුද්ගලයකු කෝට්ටේ ප‍්‍රදේශයේ තවත් සමරිසි පුද්ගලයකුට මුණගස්සවා ඔවුන් ලිංගික දර්ශන සඳහා පොලඹවාගෙන ඒ සියල්ල වීඩියෝගත කිරීමට මෙම සංවිධානාත්මක පිරිස කටයුතු කර තිබෙනවා.

පසුව එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බව තර්ජනය කරමින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව මිරිහාන පොලිසිය වෙත පැමිණිලි කිරීමට සමරිසි පුද්ගලයන් කටයුතු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ මිරිහාන පොලිසියේ නිලධාරීන් අදාළ කප්පම් මුදල රැගෙන යන ලෙස සමරිසි පුද්ගලයන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව එම කප්පම් මුදල් පිටකෝට්ටේ මංසන්ධියට රැගෙන ගිය අවස්ථාවේ එය ලබා ගැනීමට පැමිණ සිටි සැකකරුවන් තිදෙනා මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී එහි තිබී තවත් පුද්ගලයන් රැසකගේ නිරුවත් ඡුායාරූප සොයාගෙන ඇති අතර එම පුද්ගලයන්ගෙන් ද මෙම සැකකරුවන් මේ ආකාරයට කප්පම් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...