අත දරුවන් තුනක් ඉන්නවා.. සිරගත කරන්න එපා.. – හිරුණිකාගෙන් ආයාචනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මහාධිකරණය විසින් නියම කරන ද බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම ලිහිල් කරන ලෙසට අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණය හමුවේ මේ බව සඳහන් කරමින් පවසා ඇත්තේ විත්තිකාරියට වයස අවුරුදු තුන හතර සහ පහ යන වයස්වල කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බැවින් ඇය සිරගත කළොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බවයි.

එනිසා බන්ධනාගාරගත කිරීමකින් තොරව ඇයට ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙස ඇයි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් නඩුවේ තීන්දුව ලබාදෙමින් විවෘත අධිකරණය අමතමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා පැවසුවේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18කට වරදකාරිය කරන බවත් එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවයි.

විත්තිකාරිය තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීමේ චෝදනාවලට වරදකරු කරන බවත් ඒ සදහා බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!