වෛද්‍ය සංගම්, හෙද සංගම්, ගුරු සංගම් වගේ යාචකයින්ගෙනුත් සංගමයක්

සිඟාකෑම නීතියෙන් තහනම් බැවින් යාචක සංගම් බිහිකිරීමට කිසිසේත් ඉඩක් නොමැති බව නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පවසා තිබෙනවා.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පෙරේදා 26දා පස්වරුවේ නගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය විසින් පෙරහර කමිටු රැස්වීමේදී මහනුවර යාචක සංගමයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

1941 අංක හතර පාදඩ ආඥා පනතේ තුන හතර වගන්ති මත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය යටතේ සිඟා කෑම තහනම් ක්‍රියාවක් බවත් මහමග සිට සිරුරේ විකෘතිතා හෝ තුවාල පෙන්වමින් සිඟා කෑම පුණ්‍ය කටයුතුවලට හෝ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර පිණිස බව කියමින් මුදල් රැස් කිරීම දරුවන් පෙන්වමින් සිඟා කෑම නීතියෙන් සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇති බව නීතිඥ වෛද්‍ය සුභසිංහ මහතා පෙන්වා දෙනවා.

එවැනි නීති විරෝධී කණ්ඩායමකට කිසිසේත්ම සංගමයක් පවත්වාගෙන යාමට ඉඩක් නැති බවද එවන් තත්ත්වයක් ඇත්නම් ඔවුන්ට නීතිය මඟින් දඬුවම් ලබාදීමට ක්‍රියාත්මක විය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා කියා සිටියේ නාගරික කොමසාරිස්වරිය එවැන්නක් ප්‍රකාශ කළ නමුත් මහනුවර යාචක සංගමයක් ඇති බවට තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

යම් හෙයකින් එවැනි සංගමයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.

Latest News

More like this

විරෝධයකට පෙර සූදානම් වීම: විපතට පත් ජනතාව හමුවට යන මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව තර කෙරේ

ශ්‍රී ලංකාව හදිසියේ ආපදා තත්ත්වයට මුහුණ දී සිටින මේ...

පාට පක්ෂ බේද නැතුව ළමයි 50,000කට නාමල්ගේ ආදරය

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් අරඹන ලද "ආදරය" වැඩසටහන...

බීලා හිටපු කීප දෙනෙක් එක්ක තුවාල වූ අය රෝහලට යැව්වා. ඒකයි මගේ ළඟත් ගඳ එන්නේ.. රන්වල කියලා

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක...