පිස්සු බල්ලෙකු සපා කෑ සිව් හැවිරිදි දැරිය මරුට

සුනඛයෙකු විසින් සපා කෑ කිලිනොච්චිය, කන්ඩාවලෙයි ප්‍රදේශයේ පදිංචි සිව් හැවිරිදි දැරියක් මරුමුවට පත් වී තිබෙනවා.

පසුගිය 10 වනදා ඇය මෙම සුනඛයා විසින් සපා කෑමට ලක් කර ඇති අතර දින කිහිපයකට පසුව දැරිය හදිසියේ අසනීපවීම හේතුවෙන් ඇයව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (27) දින ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

රෝහල් බලධාරීන් විසින් පවසා ඇත්තේ දැරියගේ මරණය සුනඛයා සපාකෑමෙන් සිදුවී ඇති බවයි.

දෙමව්පියන් ඇයට ජලභීතිකා එන්නත හෝ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

අදාළ සුනඛයා සපා කෑ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොස් ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කන්ඩාවලෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව සඳහන්.

Latest News

More like this

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

හමුදා ආචාර පෙළපාලියක සේනාධි නායකයාගේ පෞද්ගලික ආරක්ෂකයා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේ කුමක්ද?

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී පෙරේදා (13දා) පැවති...

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...