සංජය මහවත්ත රිමාන්ඩ්

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු චෝදනා එල්ල කර ඇති බව සඳහන් කරමින් ඊයේ (27) අත් අඩංගුවට ගනු ලැබූ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ලබන 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

සාධාරණ හේතුවක් නොමැතිව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කිරීම, අසත්‍ය තොරතුරු එල්ල කරමින් රහස් පොලිස් නිලධාරීන්ට බාධා කිරීම, අධිකරණයට හෝ පොලිසියට පදිංචි ස්ථීර ලිපිනයක් ලබාදීමට අපොහොසත් වීම සහ අධිකරණයක් මගින් වරින්තු ලද පුද්ගලයකු වීම හේතුවෙන් සැකකරුට ඇප ලබා දිම ප්‍රතික්ෂේප කල මහේස්ත්‍රාත්වරයා ලබන පළවෙනි දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරියට නියෝග කරමින් දන්වා තිබෙනවා.

නීතිය ක්‍රියාවේ යෙදවීමේ නිරත වන රහස් පොලිසියට හා නිලධාරීන්ට අගෞරවය හා වෛරය ඇති කරවන ප්‍රකාශ නිකුත් කිරීම, යම් තැනැත්තෙකුට පාඩු අලාභ සිදු කිරීමේ චේතනාවෙන් බොරු චෝදනා එල්ල කිරීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

Latest News

More like this

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...
error: Content is protected !!