මොහුට වල් බළලකුගේ සදාචාරයවත් නෑ.. මං නිල් චිත්‍රපට නිළියක් එක්ක සෙක්ස් කරේ නෑ.. ලෝකෙට ලොක්කො දෙන්නා ඇමරිකානු ජනාධිපතිවරණ විවාදය හාලා

මෙවර ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටින ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු විවාදය ඊයේ (27) පැවැත්වුණු අතර මිනිත්තු 90 ක් පුරා පැවැත්වුණු එම විවාදයේ වැඩි කාලයක් ගත වුණේ ප්‍රතිපත්ති කතා කිරීමට වඩා එකිනෙකාට මඩ ගසා ගැනීමට බව මාධ්‍ය වාර්තා පවසනවා.

නිල් චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් සමඟ අනියම් සබඳතාවක් පැවැත්වීම එය යට ගැසීමට උත්සහ කිරීම හේතුවෙන් මේ වන විට වරදකරු වී සිටින ට්‍රම්ප්ගේ කුණු කන්දල් ගොඩ අවුස්සමින් බයිඩන් මෙහි දී “තමුසෙට වල් බළලකුගේ සචාදාරයවත් නැතැ” යි චෝදනා කර සිටියා.

එලෙස චෝදනා කරමින් බයිඩන් ජනාධිපතිවරයා පැවසුවේ ට්‍රම්ප් එම කැත සම්බන්ධය පැවැත්වූයේ ඔහුගේ බිරිඳ වන මෙලේනියා ට්‍රම්ප් ඔහුගේ පුතුවන බේරොන් ට්‍රම්ප් ලැබීමට ගැබ්ගෙන සිටිය දී බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද සිදුකර තිබෙනවා.

එයට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පැවසුවේ ‘මම අංක එකේ කාමුක තරුවක් සමඟ ලිංගිකව හැසිරුණේ නැහැ’ යනුවෙනි.

විවාදය අතරමැද බයිඩන් ඔහු මේ වන විට පෙළෙන සංජානමය රෝගී තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ අතර මිනිත්තු කිහිපයක් වචන උච්චාරණයේ අපහසුවකින්පීඩා විඳින අයුරු දැකගත හැකි වුණා.

එහි දී ට්‍රම්ප්, ඒ කිව්ව කිසි දෙයක් මට පැහැදිලි නැහැ. මං හිතන්නේ කිව්වේ මොනවද කියලා එයාවත් දන්නේ නැතුව ඇති” යැයි පවසා තිබෙනවා.

Latest News

More like this

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...
error: Content is protected !!