හිරුණිකා ඇතුළට යවපු ජොලියත් ඉවරයි.. සේවයෙන් පහකළ හිරු ප්‍රවෘත්ති සංස්කාරකට ලක්ෂ 135ක් ගෙවන්න අධිකරණය රෙනෝට නියම කරයි

හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති සංස්කාරක ලෙස කටයුතු කළ මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතා එම තනතුරින් අනීතිකව ඉවත්කිරීමේ නඩුවෙන් රෙනෝ ද සිල්වාගේ Asia Broadcasting Corporation (pvt) ltd ආයතනය පරාජයට පත්ව තිබෙනවා.

ඔහු සේවයෙන් නෙරපා හැරීමේ දී පාලනාධිකාරිය ඔහු වෙත එල්ල කළ චෝදනා කිසිවක් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට ආයතනය සමත් වී නැතැයි මෙම තීන්දුව දෙමින් අධිකරණය දෙමින් ප්‍රකාශ කළා.

ඔහුට එරෙහිව නගා තිබූ චෝදනා ආයතනයේ පාලනාධිකාරිය විසින් කිසිදු පදනමකින් තොරව හිතලුවක් ලෙසින් නගා ඇති බවයි එහි දී අධිකරණය සඳහන් කළේ.

ඒ අනුව වගඋත්තරකාර Asia Broadcasting Corporation සමාගම මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 135 ක මුදලක් ගෙවිය යුතු බවට නියෝග කර තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සදහන් කළේ එළැඹෙන අගෝස්තු මස 02 වැනිදා දක්වා අභියාචනා කිරීමේ කාලයක් වගඋත්තරකාර පාර්ශවයට හිමිවන අතර ඒ දක්වා අදාළ වන්දි මුදල අධිකරණයේ තැන්පත් කළ යුතු බවයි.

Latest News

More like this

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ආර්ථිකය කඩාගෙන වැටෙනවා.. රනිල්ගෙන් පුරෝකථනයක්

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ශ්‍රී ලංකාව ආර්ථික...

දිගටම මාව විවේචනය කරන්න.. මම රටටම හුස්ම පිඹින එක නතර කරන්නේ නැහැ.. විපක්ෂ නායක සජිත්

විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ...

දිවයින පුරා පොලිස් ස්ථානවල බැලුන් හිඟයක්… සපුගස්කන්දෙත් තිබිලා නෑ

දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල මත්පැන් පානය කළ බීමත් රියැදුරන්...

‘රන්වල හොඳ මිනිසෙකි’ ආණ්ඩුවේ ස්ථාවරය එළියට

"රංවල.. හොඳ මිනිසෙකි... ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමු.."...