ජනප්‍රිය ඉන්දීය නිළි හීනා ඛාන්ට පිළිකාවක්

ඉන්දීය නිළි හීනා ඛාන් තුන්වන අදියරේ පියයුරු පිළිකාවෙන් පෙළෙන බව හඳුනාගෙන තිබෙනවා.

ඉන්දියානු රූපවාහිනී කර්මාන්තයේ ජනප්‍රිය නමක් වන හීනා ඛාන්, ඊයේ (28) උදෑසන ඇගේ පිළිකා රෝග තත්ත්වය පිළිබඳ කම්පන සහගත පුවත බෙදාගත්තේ ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේය.

36 හැවිරිදි හීනා ඉන්ස්ටග්‍රෑම් හි පණිවිඩයක් තබමින් තමාට තුන්වන අදියර පියයුරු පිළිකාවක් වැළඳී ඇතැයි සොයාගෙන ඇති බවත් ඇය හොඳින් සිටින අතරම ඇගේ ප්‍රතිකාර දැනටමත් ආරම්භ කර ඇති බවත් ඇගේ රසිකයින් වෙත පවසා තිබෙනවා.

හීනා ඇගේ රෝග තත්ත්වය පිළිබඳ කම්පන සහගත පුවත ප්‍රසිද්ධ කිරීමත් සමඟ ඇයගේ මිලියන ගණනක් රසිකයන් සහ යහලුවන්ගේ ආශිර්වාදය ඇය වෙත ගලා එමින් ඇති ආකාරය දැක ගත හැකියි.

හීනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින්, විශාල් මිශ්‍රා, රෂාමි දේසායි, අංකිතා ලොක්හන්දේ වැනි සිනමා ක්ෂේත්‍රයේ ඇගේ මිතුරන් ඇයට ඉක්මන් සුවය ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කර තිබුණා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...