හිරුණිකා නිදහස් කර ගන්න අපි අභියාචනාධිකරණය හමුවට යනවා.. මද්දුම බණ්ඩාර

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අභියාචනාධිකරණය හමුවට යාමට කටයුතු කරන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

2015 වසරේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගැනීමේ සිදුවීමට අදාළව වසර තුනක සිර දඬුවමක් නියම වීමත් සමඟ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට ද නොහැකි වන බවත් ඇගේ දේශපාලන අනාගතය අවසන් වීමට නියමිත බවටත් මත පළ කෙරුණා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහලේකම්වරයා පැවසුවේ අභියාචනය සිදු කිරීමත් සමඟ ඇයටල් නාමයෝජනා ලබා දීමට කිසිදු බාධාවක් නැති බවයි.

සිර දඬුවම් ලැබීමත් සමඟ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (28) සවස වැලිකඩ නව මැගසින් බන්ධනාගරය වෙත රැගෙන විත් තිබෙනවා.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...