මගේ දරුවෝ බලාගන්න.. හිරුණිකා මැගසින් එකට ගෙනි යන්න කලින් අම්මගෙන් කළ එකම ඉල්ලීම

කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට (28) කොළඹ මහාධිකරණය විසින් වසර තුනක සිර දඬුවම් නියම කිරීමෙන් අනතුරුව ඇය ඊයේ සවස වැලිකඩ නව මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඇය අධිකරණ භූමියෙන් පිටත්ව යද්දී ඇගේ මවට හා එහි සිටි සමීපතමයන්‍ට “දරුවන් බලාගන්න” යැයි පවසන ආකාරය මාධ්‍ය කැමරාවල සටහන් වුණා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා තුන්ලක්ෂ හැටදහඩක දඬුවමක් මහාධිකරණය නියම කරනු ලැබුවා.

ඒ 2015 වසරේ දී, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවන්ට අදාළවයි.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද‍්‍ර ඇතුළු පිරිසකට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු ඉදිරිපත් කර තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කළේ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින්.

ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා එහිදී අධිකරණය හමුවේ පැවසුවේ විත්තිකාරියට වයස අවුරුදු තුන හතර සහ පහ යන වයස්වල කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බැවින් ඇය සිරගත කළොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බවයි.

එනිසා බන්ධනාගාරගත කිරීමකින් තොරව ඇයට ලිහිල් දැනුමක් ලබාදෙන ලෙස ඇයි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් නඩුවේ තීන්දුව ලබාදෙමින් විවෘත අධිකරණය අමතමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා පැවසුවේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18කට වරදකාරිය කරන බවත් එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවයි.

විත්තිකාරිය තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීමේ චෝදනාවලට වරදකරු කරන බවත් ඒ සදහා බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...
error: Content is protected !!