මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම අද..

ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම අද (29) පෙ.ව. 9.00ට අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ, මොනාර්ක් ඉම්පීරියල් ශාලාවේ දී පැවැත්වෙනවා.

‘ක්වන්ටම් ලීප් – පුනර්ජීවන යුගය සඳහා දැනුම සහ නවෝත්පාදන (Quantum Leap – Knowledge & Innovation for a Renaissance Era) නමින් නම් කර ඇති මෙම විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවය සඳහා මේ වනවිටත් මෙරට මෙන්ම විදෙස්ගත කීර්තිමත්, ඉහල පෙලේ ශ්‍රී ලාංකික විද්‍යාඥයින්, පර්යේෂකයින්, නවනිපයුම්කරුවන් එක්ව සිටින බවයි එහි සංවිධායකයින් පවසන්නේ.

“අද අපි පවත්වන්නේ අනාගත ශ්‍රී ලංකාව පිළිබඳ ජාතික ජන බලවේගයේ ඉහල පෙලේ අත්‍යාවශ්‍ය ප්‍රතිපත්ති එළිදැක්වීමක්. ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම වෙනුවෙන් මේ වෙනකොටත් එතෙර සිටින ඉහලම පෙලේ බුද්ධිමතුන් පිරිසක් ලංකාවට පැමිණ සිටිනවා.

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ලොව පිළිගත් විශිෂ්ටතම පුද්ගලයින් ස්වේච්ඡාවෙන් අද මෙම සමුළුවට එක්වන්නේ හෙට දිනයේ දී මාලිමාවේ පාලනයක් යටතේ මේ රට වෙනුවෙන් තමන් සතු දැනුම, බුද්ධිය මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් ස්වේච්ඡාවෙන් පරිත්‍යාග කිරීමේ බලාපොරොත්තුවෙන්.

ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය කියන්නේ මේ රටට අලුත් මාවතක්. එය මේ සියවස වෙනුවෙන් පමණක් නෙමෙයි අනාගත වෙනුවෙන් කළ දිගු සැලසුමක්” බව මෙම සමුළුව සංවිධානය කරන ජාතික ජන බලවේගය පවසනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!