පරණ සොල්දාදුවන් කවදාවත් මැරෙන්නෙ නෑ.. ෆොන්සේකාගේ සේවය නුදුරේදීම රටට ආයෙත් ලැබෙනවා – ජනපති

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කිසිවිටෙකත් අත් නොහරින දක්ෂයෙකු බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුදුරු අනාගතයේ දී හිටපු අයගේ සේවය භුක්ති විඳීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඊයේ (28) ප්‍රකාශ කළා.

“ෆොන්සේකාට තාමත් ජාතිය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. එහෙම අය අපිට ඕනේ. පරණ සොල්දාදුවන් කවදාවත් මැරෙන්නේ නැහැ කියලා කියලා කියමනක් තියෙනවා. ෆොන්සේකා මැකී යන්නේ නැහැ.

ඒ නිසා එතුමාගේ සේවය ලබාගැනීමේ අවස්ථාව නුදුරු අනාගතයේදීම රටට ලැබෙනවා.”

වසර 30ක ත්‍රස්තවාද අවසන් කළ යුද්ධයට නායකත්වය දුන් හිටපු යුධ හමුදාපතිවරයා විසින් රචිත ‘යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව ’’ නමැති ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට ඊයේ කොළඹදී එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

“ෆොන්සේකා කියන්නේ යුද්ධවලදී සටන් කළ කෙනෙක්. ඒ කාරණය අපි කවුරුත් මතක තබාගත යුතුයි. ඔහු විශාල අත්දැකීම් ඇති පුද්ගලයෙක්. අත්දැකීම් ගැන කතා කරන විට, කලකට පෙර ඔහුට එරෙහිව සටන් කළ අයෙකුත් මෙතන ඉන්නවා. ඒ අමාත්‍ය ඩග්ලස් දේවානන්දයි. දේවානන්ද ඇමැතිතුමා ආරක්‍ෂක හමුදාවට විරුද්ධව සටන් කරලා ඊට පස්සේ අපිත් එක්ක එකතුවෙලා කොටි සංවිධානයට විරුද්ධව සටන් කළා.”

ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා පැවසුවේ තමා හමුදාවේ සිටි කාලය තුළ සාම්ප්‍රදායික නොවන යුද උපක්‍රම සමඟ ශ්‍රී ලංකා හමුදාවන් පුහුණු කිරීමට සිදු වූ බවයි. “මෙම සාම්ප්‍රදායික නොවන යුද උපක්‍රම ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය අවසන් කළා” ඔහු සිහිපත් කරනු ලැබුවා.

එසේම, හමුදාවට පසුබෑමකට තුඩු දුන් ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරන ලද වැරදි පිළිබඳ තොරතුරු මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇති බව ඔහු පවසනවා.

“මට මතකයි හමුදාවන්ට ගැටුම අවසන් කළ නොහැකි බවත් එය දේශපාලන විසඳුමකින් අවසන් කළ යුතු බවත් හිටපු හමුදා නිලධාරීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ත්‍රස්තවාදය අවසන් කිරීමට හමුදාවන්ට හැකි වුණා. මම හමුදාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ පොරොන්දු දෙකක් දුන්නා. මම කිව්වා ත්‍රස්තවාදය අවසන් කිරීමේ කාර්යය වෙනත් හමුදාපතිවරයකුට භාර දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම 2008 දී කිව්වා එල්ටීටීඊ නායකයාට ඊළඟ අවුරුද්දේ ඔහුගේ මහවිරු දිනය සමරන්න මම ඉඩ දෙන්නේ නැහැ කියලා. මේ පොරොන්දු දෙකම ඉටු කිරීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.”

විදේශ දූත මණ්ඩල ප්‍රධානීන්, පූජකවරුන්, දේශපාලනඥයින් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියා.

සමගි ජන බලවේගයේ නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී වී නොසිටීම ද අවධානයට ලක් වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, චරිත හේරත්, නිමල් සිරිපාල ද සිල්වා සහ ඒ.එච්.එම්.ෆවුසි ඊට එක්ව සිටියා.

Latest News

More like this

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...
error: Content is protected !!