දේශපාලනය යනු පුරවැසියන්ට නිදහසේ තම අදහස් ක්‍රියාත්මක කිරීමට අයිතිය ඇති සමාජයක් නිර්මාණය කිරීම වුවත් මඩකලපුවේ ඇතැම් ප්‍රදේශවල ඇත්තේ ජනතාව බියට පත් කරන දේශපාලනයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පුරවැසියාට තමන් කැමති දේශපාලනයක යෙදෙන්න අයිතියක් තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නෙ පිල්ලෙයාන්ට බයෙන් ඉන්න වෙලා තියෙනවා.
ජාතික ජන බලවේගයේ රජයක සියලු අතුරු හමුදා නිරායුධ කරන බවත් එක් කණ්ඩායමකට ආයුධගෙන නීතිවිරෝධීව දේශපාලනය කිරීමට ඉඩ නොතබන බවත් ඔහු සඳහන් කළා.
රාජ්‍ය අනුග්‍රහය ඇතිව තග දේශපාලනයක නිරත වීමට කිසිදු පාර්ශවයකට ඉඩ නොතබන බවයි ඔහු අවධාරණය කළේ.
එම වෙනස ඇති කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බව අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ එම බලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුව අමතමිනි.
එහි දී ඔහු මෙසේ ද සඳහන් කළා.
“රටේ සියලු දෙනාම වෙනසක් අපේක්ෂා කරනවා. ඒ අපේක්ෂාව ඇති කිරීම සඳහා ජනාධිපතිවරණයක් එනවා. රනිල් වික්‍රමසිංහට ඒ වෙනස ඇති කරන්න පුළුවන් ද? අවුරුදු 47ක් පැරණි දේශපාලන නායකයෝ. මළකඩ කාපු දේශපාලන නායකයෝ. සජිත්ගෙන් පුළුවන් ද? මං ඔබෙන් එක් ප්‍රශ්ණයක් අහන්නම්. සජිත් ප්‍රේමදාස රණසිංහ ප්‍රේමදාසගේ පුතෙක් නොවුණා නම් මොනවා වෙයිද? තාත්තා ජනාධිපති නොවුණා නම් මඩකළපුවේ නගර සභාවට තෝරගන්න සුදුසුකමක් නැහැ.”