පාලිත රංගෙ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර රිය අනතුරක් සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (29) අලුයම 4.30 පමණ කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇති බව පොලිසිය පවසනවා.

අනතුරෙන් ත්‍රීවිල් රථ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා .

කරුවලගස්වැව පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බව සඳහන්.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...