පියුමි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට

නීති විරෝධී ලෙස වත්කම් උපයාගෙන ඇති බවට චෝදනා එල්ල වී සිටින පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඇය, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිතයි.

මේ වන විට ඊට අදාළව පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පවසනවා.

ඒ අනුව ඇයගේ රූපලාවණ්‍ය සමාගමේ නිෂ්පාදිත ද්‍රව්‍ය බෙදා හරින ආයතනයේ ප්‍රධානියා ඇතුළු සිව් දෙනකුගෙන් මේ වන විටත් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඉදිරියේදී තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත අතර පියුමි හංසමාලි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිත බව තල්දුව මහතා සඳහන් කළා.

ඇය බැංකු නවයක පවත්වාගෙන යන්න ගිණුම් 19ක තොරතුරු සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති අතර එම විමර්ශන අවසන් කිරීමෙන් පසු පියුමි හංසමාලිගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරමින්
සිටින බවයි සඳහන් වෙන්නේ.

Latest News

error: Content is protected !!