පියුමි ප්‍රබලයකුගේ කලු සල්ලි සුදු කරන බවට ඇති සැකය තීව්‍ර වේ

නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ අසාමාන්‍ය ධනස්කන්ධය පිළිබඳ පැමිණිලි කළ සංජය මහවත්ත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් හදිසියේ අත්තඩංගුවට ගැනීම පිටුපස දේශපාලන ප්‍රබලයෙකුගේ බලපෑමක් පවතින බවට දැඩි සැකයක් මතුව තිබෙනවා.

මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්‍ත පසුගිය දා අත්අඩංගුවට ගැනුණේ ඔහු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පියුමි හංසමාලිගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති පසුබිමකයි.

ඉහළ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කළ බව කියමින් මොහු අත්තඩංගුවට ගනු ලැබුවද නීති ප්‍රවීණයින් ඇතුලු මධ්‍යස්ත මත දරන්නන් මේ පිළිබඳ පළ කරන අදහස්වලින් පැවසෙන්නේ සංජය අත් අඩංගුවට පත්වීම පිටුපස කිසියම් බලවත් දේශපාලනඥයකු සිටින බවයි.

පියුමි හංසමාලි වෙත එකවර උරුම වුණු ධනස්කන්ධය ප්‍රබල දේශපාලනඥයකුගේ කලු සල්ලි සුදු කිරීමක් විය හැකි යැයි සංජය මහවත්ත මුල සිටම මතු කළ කාරණයකි.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යෙදවීම මෙන් ම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අදාළ පසුබිම සකස් කරන ලද ආකාරය පිළිබඳව විද්වතුන්ගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

මේ වනවිට මූලික චෝදනා එල්ල වී තිබෙන පියුමි හංසමාලි සම්බන්ධයෙන් ඍජු ක්‍රියා මාර්ග නොගෙන පසුබිමේ තොරතුරු රැස් කරමින් සිටින විමර්ශකයන් අදාළ පැමිණිල්ල කළ පුද්ගලයා අත්තඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම ප්‍රබල දේශපාලන හස්තයකින් මෙහෙයවන බව තහවුරු කරන බවයි ඔවුන් පවසන්නේ.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...