ලංකාවේදී අතුරුදන් වුණු ඊශ්‍රායල තරුණිය හමුවේ

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී පසුගිය බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික තමාර් අමිතායි (Tamar Amitai) නමැති සංචාරක තරුණිය සොයා ගත් බව පොලිසිය පවසනවා.

අන්තර්ජාලය හරහා වෙන්කරවාගත් ත්‍රිකුණාමලයේ රොලෙක්ස් හෝටලයේ නවාතැන් ගෙන සිට ඇති මෙම තරුණිය පසුගිය ජුනි 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තනිව සංචාරය කරමින් සිටියදී අතුරුදන් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඇය නවාතැන් ගෙන සිටි හෝටලයේ හිමිකරුවන් පොලිසිය වෙත දන්වා තිබුණේ ඇය බදාදා (26) සිට නැවත ලැගුම්හල වෙත නොපැමිණි බවයි.

ඒ අනුව උප්පුවේලි පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා පැවසුවේ, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පොලීසිය, යුද හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උප්පුවලි ප්‍ර‍ාදේශීය සභාව සහ නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් තමාර් අමිතායි සොයා ගත් බවයි.

නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති ඒ.පී මාතාන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කළ ආණ්ඩුකාරවරයා එහිදී අතුරුදන් වූ සංචාරක තරුණිය පිළිබඳව පැය තුනක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා.

ඇය සොයා ගනු ලැබුවේ ඇගේ හෝටලයේ සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි සල්ලිකෝවිල්හිදීය.

ඇය එම ප්‍රදේශයට ගොස් සිටියදී සිහිසුන්ව ඇද වැටී ඇති නමුත් කිසිදු ශාරීරික හෝ ලිංගික අතවරයකින් තොරව මේ වන විට යහපත් තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...