හිරුණිකාට ජම්පර් කිට් එක ලබා දෙයි

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථවේම ඇය වෙත සිරකරුවන් සඳහා ලබා දෙන ඇඳුම ලබා දී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඇයට සුදු පැහැති රෙද්දක් සහ හැට්ටයක් නියම වී ඇති බව එම ආරංචි මාර්ග පවසනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන පරිදි ඇය මේ වන විට වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ රඳවා සිටී.

ඇය බන්ධනාගාරගත කිරීමෙන් පසු වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා වෛද්‍යවරයෙකු වෙත ද ඉදිරිපත් කරනු ලැබුවා.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පසුගිය දා කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කෙරුණා.

ඒ, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.

එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසිනි.

ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18 කට වරදකාරිය කෙරුණා.

එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් විනිසුරවරයා විසින් එහිදී නියෝග කරනු ලැබුවා.

එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවකට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවත් එම නියෝගයේ සඳහන්ය.

කෙසේවෙතත් ලබාදුන් දඬුවමට එරෙහිව හෙට අභියාචනයක් ඉදිරිපත් කරන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නීතිඥවරු පවසනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...