නැවතුණු මාර්ග ව්‍යාපෘති යළි ඇරඹීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ණයක්

ණය අර්බුදය හේතුවෙන් අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා Chaina Export and Import Bank(EXIM) බැංකුවෙන් ඇ.ඩො.බිලියන 1.5කට වැඩි ණය මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙනවා.

පසුගිය සතියේ ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය විසින් සම සභාපතිත්වය දරන පැරිස් සමාජය ප්‍රමුඛ නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට සමගාමීව ශ්‍රී ලංකාව චීනයේ EXIM බැංකුව සමඟද ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹුණා.

වසර තුනකට වැඩි කාලයක් ප්‍රමාද වී ඇති කඩවත – මීරිගම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා වන මුදල් ද ලබා ගත හැකි ණය අතර වනු ඇති බව භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබෙනවා.

නැවතී තිබූ තවත් මාර්ග ව්‍යාපෘති ගණනාවක් මුදල් මුදාහැරීමත් සමඟ ආරම්භ කිරීමට නියමිතයි.

මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක අගුලු හැරීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේ මාර්ග ව්‍යාපෘතිවලින් බහුතරයක් ක්‍රියාත්මක කළ හැකි වනු ඇති බවයි.

ඔවුන් ලබන මාසයේ චීනයේ EXIM බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කරන බවත්, පළමු වාරිකය මාස දෙකක් ඇතුළත ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මහාමාර්ග අමාත්‍යාංශය ද පසුගිය ගංවතුරෙන් සේදී ගිය පාලම් සහ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 20 මුදලක් නිදහස් කරන ලෙස ඉල්ලා ඇති අතර තවත් රුපියල් මිලියනල් 40ක් අවසන් කළ ව්‍යාපෘති සඳහා හිඟ වැටුප් ගෙවීම් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

භාණ්ඩාගාර නිලධාරියා වැඩිදුරටත් පවසන්නේ ව්‍යාපෘති සඳහා නව කොන්දේසි සාකච්ඡා කිරීමට සිදුවනු ඇති බවයි.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...